Showing posts with label New Song. Show all posts
Showing posts with label New Song. Show all posts

Saturday, September 11, 2021

 

පෙම් ගීත


පෙම් ගීත හෙව්වාද නුඹ ආදරේ නාමයෙන්....

මං තාම තනිමගක නුඹ දුරක ගිය දා පටන්....

පෙම් සීත දැණුනාද වැහි කෝඩ ගෙන ආ සුළං....

මං ඈත - දුර ඈත - හිත බඳිමි කඳුළැලි අරන්....


ගී හඬ - මී ගඟ - උතුරාම යාවී

මා හද සසැලේවී මා ඇවිලී යාවී....


මනලෝල මනමාල සිතු සේම ඔබ ගාව

මගෙ ප්‍රාණ සම වේ ද ශෘගාරිණී....

නින්නාද උන්මාද වුණු සේම ඔබ ගාව

මගෙ ප්‍රාණ නිම වේ ද ශෘගාරිණී....


ගී හඬ - මී ගඟ - උතුරාම යාවී

මා හද සසැලේවී මා ඇවිලී යාවී....


_මංචි_

0052h
11.09.2021



Wednesday, July 28, 2021

 1027h

25.07.2021


නිවනට අවසර වූ දා....


භවෙන් හවය නොනිමි ගමන - නිවනින් කෙළවර වූ දා

සුවෙන් සුවය අමා නිවන - සසරක සැනසුම වූ දා

නිවන් පුරය වැඩි හිමියණි - දහමින් ලොව සැනසූ දා

සිතින් දුරය ඉන්නට ඇති මම - නිවනට අවසර වූ දා....


දේවාති දේවෝ - මුණි පාද වන්දේ - සුගතයාණෙනී....

බ්‍රහ්මාති බ්‍රහ්මෝ - මා සෑසි වන්දේ - බුදු පියාණෙනී....



මායාව දුරලූ - දම් අමා තෙපලූ

වායාම කරලූ - මර තේජ බිඳලූ

තණ්හාව දුරලූ - ලෝ දනා සැනසූ

මෙත්තාව බැඳලූ - ලෝ දහම ඉවසූ.....

සංසාර සිඳලූ - නොකීවෙන් සිතළු

තුන් ලොවම වරලූ - ඝණ අඳුර මැඩලූ

කරුණා ඉතිරලූ - ලොබ දෝස වැනසූ

ලෝ අර්ථ ගෙනලූ - මැදුම් මග පැවසූ.... 


විදුරාසන මත හිමි සඳ - ලොවටම කරුණාවෙන් හිඳ

මව්පිය සෙනෙහස පරදා - දම් අමාව පැතිරූ දා

අකණිටාව තෙක් තුන් ලොව - සාධුකාර ඉතිරුණ සඳ

දස දහසක් සක්වළ - සදහම් සුව වින්දා....


1225h

25.07.2021




Monday, July 26, 2021


0949h


හසුන් නොමැති - මුදු බැලුම් නොමැති - ඔබෙ

දසුන් නොමැති - හුදු සුසුම් පමණි මෙහි

නුසුන් නොමැති - මධු ඇළුම් කැමැති - මගෙ

කසුන් රුවැති - ළඳු කැලුම් පිනති එහි.....


දිවිතුරා - හදපුරා - පැතුව පෙම් - ඉගිලිලා 

මන නුරා - ගිණි දවා - ඔහුගේ හද සනසලා

දිවිතුරා - බැඳි නුරා - නිවා මා - හදසලා 

හද මරා - මා දවා - නුඹ ගියා - සැඟවිලා.....



දෙව් දුවණි නිද්‍රා - මල් හීය විද්දා

මා සිතා ගත් දා - සිහිනයම බින්දා - නුඹ ඉන් ගිය දා

පෙම් ගීය සිත මා පතුලෙහිම රැඳුණා

නුඹ යන්න ගිය දා - හද කඳුළු සැලුණා - මා දමා හැර දා.....


දිවිතුරා - හදපුරා - පැතුව පෙම් - ඉගිලිලා 

මන නුරා - ගිණි දවා - ඔහුගේ හද සනසලා

දිවිතුරා - බැඳි නුරා - නිවා මා - හදසලා 

හද මරා - මා දවා - නුඹ ගියා - සැඟවිලා.....

1026h

25.07.2021