පෙම් ගීත
පෙම් ගීත හෙව්වාද නුඹ ආදරේ නාමයෙන්....
මං තාම තනිමගක නුඹ දුරක ගිය දා පටන්....
පෙම් සීත දැණුනාද වැහි කෝඩ ගෙන ආ සුළං....
මං ඈත - දුර ඈත - හිත බඳිමි කඳුළැලි අරන්....
ගී හඬ - මී ගඟ - උතුරාම යාවී
මා හද සසැලේවී මා ඇවිලී යාවී....
මනලෝල මනමාල සිතු සේම ඔබ ගාව
මගෙ ප්‍රාණ සම වේ ද ශෘගාරිණී....
නින්නාද උන්මාද වුණු සේම ඔබ ගාව
මගෙ ප්‍රාණ නිම වේ ද ශෘගාරිණී....
ගී හඬ - මී ගඟ - උතුරාම යාවී
මා හද සසැලේවී මා ඇවිලී යාවී....
_මංචි_
0052h
11.09.2021
❤️🥀❤️
ReplyDelete❤
ReplyDelete