Saturday, September 11, 2021

 

පෙම් ගීත


පෙම් ගීත හෙව්වාද නුඹ ආදරේ නාමයෙන්....

මං තාම තනිමගක නුඹ දුරක ගිය දා පටන්....

පෙම් සීත දැණුනාද වැහි කෝඩ ගෙන ආ සුළං....

මං ඈත - දුර ඈත - හිත බඳිමි කඳුළැලි අරන්....


ගී හඬ - මී ගඟ - උතුරාම යාවී

මා හද සසැලේවී මා ඇවිලී යාවී....


මනලෝල මනමාල සිතු සේම ඔබ ගාව

මගෙ ප්‍රාණ සම වේ ද ශෘගාරිණී....

නින්නාද උන්මාද වුණු සේම ඔබ ගාව

මගෙ ප්‍රාණ නිම වේ ද ශෘගාරිණී....


ගී හඬ - මී ගඟ - උතුරාම යාවී

මා හද සසැලේවී මා ඇවිලී යාවී....


_මංචි_

0052h
11.09.2021



Monday, August 9, 2021

 රළ 

සයුරේ රළ සේ මහදේ රඟ දේ

පෙනෙනා දුරකින් සිතිවිලි වෙරළ ඉමේ

මීදුම් වැසිලා රළ මත බොඳවී සිහිවේ

මහදේ රූහ සීතල සිතිවිලි විහිදේ....


රළ සේමා සිතු බෝමා - නෙතු ආදරයෙන් ඉඟි පානා

භවයේ මා පෙර සේමා - ඔබ ළඟ ප්‍රේමෙන් ආයෙත් බැඳෙනා....



නැගෙනා - බිඳෙනා රළ මෙන් සිතිවිලි හද තුළ මෝරා

නිවෙනා - රිදෙනා සිත මෙන් ඔබ මා හද තුළ පෑවා

ආදර ගී හද පතුලේ ගැයුණා - ගැයෙනා

සාගර රළ මුව අබියස බිඳුණා - බිඳෙනා....


රළ සේමා සිතු බෝමා - නෙතු ආදරයෙන් ඉඟි පානා

භවයේ මා පෙර සේමා - ඔබ ළඟ ප්‍රේමෙන් ආයෙත් බැඳෙනා....


_මංචි_


2021.03.03

2334h

at Galle Face, Colombo


Wednesday, July 28, 2021

 1027h

25.07.2021


නිවනට අවසර වූ දා....


භවෙන් හවය නොනිමි ගමන - නිවනින් කෙළවර වූ දා

සුවෙන් සුවය අමා නිවන - සසරක සැනසුම වූ දා

නිවන් පුරය වැඩි හිමියණි - දහමින් ලොව සැනසූ දා

සිතින් දුරය ඉන්නට ඇති මම - නිවනට අවසර වූ දා....


දේවාති දේවෝ - මුණි පාද වන්දේ - සුගතයාණෙනී....

බ්‍රහ්මාති බ්‍රහ්මෝ - මා සෑසි වන්දේ - බුදු පියාණෙනී....



මායාව දුරලූ - දම් අමා තෙපලූ

වායාම කරලූ - මර තේජ බිඳලූ

තණ්හාව දුරලූ - ලෝ දනා සැනසූ

මෙත්තාව බැඳලූ - ලෝ දහම ඉවසූ.....

සංසාර සිඳලූ - නොකීවෙන් සිතළු

තුන් ලොවම වරලූ - ඝණ අඳුර මැඩලූ

කරුණා ඉතිරලූ - ලොබ දෝස වැනසූ

ලෝ අර්ථ ගෙනලූ - මැදුම් මග පැවසූ.... 


විදුරාසන මත හිමි සඳ - ලොවටම කරුණාවෙන් හිඳ

මව්පිය සෙනෙහස පරදා - දම් අමාව පැතිරූ දා

අකණිටාව තෙක් තුන් ලොව - සාධුකාර ඉතිරුණ සඳ

දස දහසක් සක්වළ - සදහම් සුව වින්දා....


1225h

25.07.2021




Monday, July 26, 2021


0949h


හසුන් නොමැති - මුදු බැලුම් නොමැති - ඔබෙ

දසුන් නොමැති - හුදු සුසුම් පමණි මෙහි

නුසුන් නොමැති - මධු ඇළුම් කැමැති - මගෙ

කසුන් රුවැති - ළඳු කැලුම් පිනති එහි.....


දිවිතුරා - හදපුරා - පැතුව පෙම් - ඉගිලිලා 

මන නුරා - ගිණි දවා - ඔහුගේ හද සනසලා

දිවිතුරා - බැඳි නුරා - නිවා මා - හදසලා 

හද මරා - මා දවා - නුඹ ගියා - සැඟවිලා.....



දෙව් දුවණි නිද්‍රා - මල් හීය විද්දා

මා සිතා ගත් දා - සිහිනයම බින්දා - නුඹ ඉන් ගිය දා

පෙම් ගීය සිත මා පතුලෙහිම රැඳුණා

නුඹ යන්න ගිය දා - හද කඳුළු සැලුණා - මා දමා හැර දා.....


දිවිතුරා - හදපුරා - පැතුව පෙම් - ඉගිලිලා 

මන නුරා - ගිණි දවා - ඔහුගේ හද සනසලා

දිවිතුරා - බැඳි නුරා - නිවා මා - හදසලා 

හද මරා - මා දවා - නුඹ ගියා - සැඟවිලා.....

1026h

25.07.2021

Sunday, March 14, 2021

 
අ.පො.ස උසස් පෙළ පෙරදිග සංගීතය

නිර්දේශිත ඛ්‍යාල් ගීතයන්හි නිවැරදි පදමාලාවන්


රාගය භෛරව - ත්‍රීතාල් (මධ්‍ය ලය)

ධන ධන මූරත ක්‍රිෂ්ණ මුරාරී - සුලච්ඡන ගිරධාරී - ඡවි සුංදර ලාගේ අති ප්‍යාරී_

බංසීධර මන මෝහන සුහාවේ - බලිබලි ජාඌං මොරේ මන භාවේ -
‘සබරංග’ ග්‍යාන බිචාරී_

 

රාගය ආසාවරී - ත්‍රීතාල් (මධ්‍ය ලය)

අඛියාං ලාගී රැහැත නිසදින - ප්‍යාරේ තිහාරේ දේඛන කාංහීං_

ඝරි පල ඡින මෝහේ ජුගසී බීතත - නිසදින චටපටි ලාග රැහැත මහිං_

 

රාගය දේස් - ත්‍රීතාල් (මධ්‍ය ලය)

රබ ගුණා ගායරේ තූ මනා - කාහේ භටකත ෆිරේ නිසදිනා_

ඡින භංගුර සබ ජගත පසාරා - මාය ජාල බිරථා කල්පනා_

 

රාගය ජයජයවන්ති - ත්‍රීතාල් (මධ්‍ය ලය)

දාමිනී දමකේ ඩර මෝහේ ලාගේ - උමගේ දල බාදල ශ්‍යාම ඝටා_

ලිඛ භේජෝ සඛී උස නංදන කෝ - මේරී ඛෝල කිතාබ දේඛෝ බිථා_

 

රාගය හංසධ්වනි - ත්‍රීතාල් (මධ්‍ය ලය)

ලාගී ලගන පති සඛී සන - පරම සුඛ අති අනංදන_

අංග සුගංධන චන්දන මාථේ තිලක ධරේ - ම්‍රිග නයන අංජන පවන ථේ -
‘අමර’ හෝ නිත පති කාජ සුඛන_

 

රාගය බාගේශ්‍රී - ත්‍රීතාල් (මධ්‍ය ලය)

කෞන් කරත තෝරී බිනතී පියරවා - මානෝ න මානෝ හමරී බාත_

ජබසේං ගයේ මෝරී සුධහුං න ලීනී - චාහේ සෞතන කේ ඝර ජාත_

 

රාගය බාගේශ්‍රී - ඒක්තාල් (විලම්බීත් ලය)

මාන මනාවේ මේරී මානේ - ඖර මනාවේ වාකී තූං නාහී මානේ_

රෛන දිනා දුර ජන නිත සෞං ගෝහි රැහැත - මේරී ජානේ_





















_Pamalka Manjitha Karunanayake_

Use only for educational purposes and be kind enough to mention the authors!