Saturday, September 11, 2021

 

පෙම් ගීත


පෙම් ගීත හෙව්වාද නුඹ ආදරේ නාමයෙන්....

මං තාම තනිමගක නුඹ දුරක ගිය දා පටන්....

පෙම් සීත දැණුනාද වැහි කෝඩ ගෙන ආ සුළං....

මං ඈත - දුර ඈත - හිත බඳිමි කඳුළැලි අරන්....


ගී හඬ - මී ගඟ - උතුරාම යාවී

මා හද සසැලේවී මා ඇවිලී යාවී....


මනලෝල මනමාල සිතු සේම ඔබ ගාව

මගෙ ප්‍රාණ සම වේ ද ශෘගාරිණී....

නින්නාද උන්මාද වුණු සේම ඔබ ගාව

මගෙ ප්‍රාණ නිම වේ ද ශෘගාරිණී....


ගී හඬ - මී ගඟ - උතුරාම යාවී

මා හද සසැලේවී මා ඇවිලී යාවී....


_මංචි_

0052h
11.09.2021