Wednesday, July 28, 2021

 1027h

25.07.2021


නිවනට අවසර වූ දා....


භවෙන් හවය නොනිමි ගමන - නිවනින් කෙළවර වූ දා

සුවෙන් සුවය අමා නිවන - සසරක සැනසුම වූ දා

නිවන් පුරය වැඩි හිමියණි - දහමින් ලොව සැනසූ දා

සිතින් දුරය ඉන්නට ඇති මම - නිවනට අවසර වූ දා....


දේවාති දේවෝ - මුණි පාද වන්දේ - සුගතයාණෙනී....

බ්‍රහ්මාති බ්‍රහ්මෝ - මා සෑසි වන්දේ - බුදු පියාණෙනී....



මායාව දුරලූ - දම් අමා තෙපලූ

වායාම කරලූ - මර තේජ බිඳලූ

තණ්හාව දුරලූ - ලෝ දනා සැනසූ

මෙත්තාව බැඳලූ - ලෝ දහම ඉවසූ.....

සංසාර සිඳලූ - නොකීවෙන් සිතළු

තුන් ලොවම වරලූ - ඝණ අඳුර මැඩලූ

කරුණා ඉතිරලූ - ලොබ දෝස වැනසූ

ලෝ අර්ථ ගෙනලූ - මැදුම් මග පැවසූ.... 


විදුරාසන මත හිමි සඳ - ලොවටම කරුණාවෙන් හිඳ

මව්පිය සෙනෙහස පරදා - දම් අමාව පැතිරූ දා

අකණිටාව තෙක් තුන් ලොව - සාධුකාර ඉතිරුණ සඳ

දස දහසක් සක්වළ - සදහම් සුව වින්දා....


1225h

25.07.2021




Monday, July 26, 2021


0949h


හසුන් නොමැති - මුදු බැලුම් නොමැති - ඔබෙ

දසුන් නොමැති - හුදු සුසුම් පමණි මෙහි

නුසුන් නොමැති - මධු ඇළුම් කැමැති - මගෙ

කසුන් රුවැති - ළඳු කැලුම් පිනති එහි.....


දිවිතුරා - හදපුරා - පැතුව පෙම් - ඉගිලිලා 

මන නුරා - ගිණි දවා - ඔහුගේ හද සනසලා

දිවිතුරා - බැඳි නුරා - නිවා මා - හදසලා 

හද මරා - මා දවා - නුඹ ගියා - සැඟවිලා.....



දෙව් දුවණි නිද්‍රා - මල් හීය විද්දා

මා සිතා ගත් දා - සිහිනයම බින්දා - නුඹ ඉන් ගිය දා

පෙම් ගීය සිත මා පතුලෙහිම රැඳුණා

නුඹ යන්න ගිය දා - හද කඳුළු සැලුණා - මා දමා හැර දා.....


දිවිතුරා - හදපුරා - පැතුව පෙම් - ඉගිලිලා 

මන නුරා - ගිණි දවා - ඔහුගේ හද සනසලා

දිවිතුරා - බැඳි නුරා - නිවා මා - හදසලා 

හද මරා - මා දවා - නුඹ ගියා - සැඟවිලා.....

1026h

25.07.2021