සෙනෙහසින් ළං වුණෙත්,
වෙන් වුණෙත්,
එකම දිනෙක,
එකම පැයක...
තුටු කඳුළකින් ඇරඹුණෙත්,
නිම වුණෙත්,
හිමි නොවන
සෙනෙහසය...
දින ගණන් ගත වෙලා
දිවා රැය ගෙවෙනවා...
නෙතින් නෙත එක්වෙලා
මුව සිනා මවනවා...
සිහින පොදි දහසකුත්
ඉටු නොවන බව දැනම,
සිත් රිදෙන බව දැනත්
ළංවෙලා හිඳිනවා...
මුව කමල මත සුසුම් රැලි
හැපී බිඳෙනවා...
වාරු නැතිමුත් ඔබව
දරාගෙන හිඳිනවා...
කෙළිදමින්, මිතු දමින්,
පෙම් ලොවින් මිදෙනවා...
එක් නොවන පැතුම් පොදි
අද හඬා වැටෙනවා...
_මංචි_
18.03.2016
22.17 p.m. -22.29 p.m.

මේ කාට ලියඖ එකක් ද සර් ? ☺️👌
ReplyDeleteThis is for someone I loved years ago!
DeleteThis comment has been removed by the author.
ReplyDelete