රළ
සයුරේ රළ සේ මහදේ රඟ දේ
පෙනෙනා දුරකින් සිතිවිලි වෙරළ ඉමේ
මීදුම් වැසිලා රළ මත බොඳවී සිහිවේ
මහදේ රූහ සීතල සිතිවිලි විහිදේ....
රළ සේමා සිතු බෝමා - නෙතු ආදරයෙන් ඉඟි පානා
භවයේ මා පෙර සේමා - ඔබ ළඟ ප්‍රේමෙන් ආයෙත් බැඳෙනා....
නැගෙනා - බිඳෙනා රළ මෙන් සිතිවිලි හද තුළ මෝරා
නිවෙනා - රිදෙනා සිත මෙන් ඔබ මා හද තුළ පෑවා
ආදර ගී හද පතුලේ ගැයුණා - ගැයෙනා
සාගර රළ මුව අබියස බිඳුණා - බිඳෙනා....
රළ සේමා සිතු බෝමා - නෙතු ආදරයෙන් ඉඟි පානා
භවයේ මා පෙර සේමා - ඔබ ළඟ ප්‍රේමෙන් ආයෙත් බැඳෙනා....
_මංචි_
2021.03.03
2334h
at Galle Face, Colombo