පණ්ඩිත් ශාරංගදේව (ශාරංග්දේව්)
(ක්‍රි. ව. 1175-1247)
මධ්‍යකාලීන
යුගයේ සිටි
‘ශාරංග්දේව්’, භාරතයේ
කශ්මීර් ප්‍රදේශයේ
‘ව්රිෂ්ගණ්’ නමැති
වෛදික ඍෂිවරුන්ගේ
පරම්පරාවකට අයත්
වූවෙකි. උතුරු
ඉන්දියාවට ඇතිවූ
මුස්ලිම් ආක්‍රමණ
හමුවේ ඔහුගේ
පියාගේ පියා
වූ ‘භාස්කර්දේව්’
දක්ෂිණ භාරතයේ
ඩෙකෑන් සානුව
අසල වූ
‘දේව්ගිරි’ හෙවත්
‘දෝලත්බාද්’
රාජධානියේ
පිහිටි ‘ජායිත්ර’
නම් නගරයට
සංක්‍රමණය වූයේය.
ශාරංග්දේව්ගේ පියා
වූ ‘පණ්ඩිත්
සෝධල්දේව්’ එවකට
එම රාජධානිය
පාලනය කළ
‘යාදව්’ රාජවංශයට
අයත් ‘භිල්ලම්’
සහ දෙවන
‘සිංඝණා’ යන
රජවරුන්ට සේවය
කළේය.
ක්‍රි.
ව. 1210-1247 කාලයේදී
පණ්ඩිත් ශාරංග්දේව්
දෙවන සිංඝණා
රජුගේ රාජසභා
සංගීතඥයකු ලෙසත්,
එම රාජධානියේ
උසස් නිලධාරියකු
ලෙසත් සේවය
කර ඇත. දෙවන
සිංඝණා සහ
‘ජෑත්රදේව්’ යන
රජවරු ශාරංග්දේව්ට
බොහෝ අනුග්‍රහ
දැක්වූහ. භාරතීය
ශාස්ත්‍රීය සංගීතඥයකු,
චින්තකයකු, වේදාචාර්යවරයකු
හා වෛද්‍යාචාර්යවරයකු
ලෙස ඔහු
ප්රකටව සිටියේය.
වර්තමානයේද භාරතීය
සංගීත පද්ධතියේ
විශිෂ්ට සංගීත
කෘතියක් ලෙස
සැලකෙන ‘සංගීත
රත්නාකර’ ග්‍රන්ථය
13වැනි සියවසේදී
(ක්‍රි. ව.
1247දී)
ඔහු විසින්
රචනා කරන
ලදි.
‘සංගීත රත්නාකර’
‘සංගීත
රත්නාකර’ කෘතිය,
සංගීතයේ අංගත්රයම
අළලා සංස්කෘත
බසින් ලියැවී
ඇත. අධ්‍යාය
7කින් සමන්විත
මෙම කෘතියෙහි,
අධ්‍යාය 6කම
ඇතුළත් වී
ඇත්තේ සංගීතයේ
එන ගායන
හා වාදන
පිළිබඳව වන
අතර, අවසන්
අධ්‍යායය වෙන්
වී ඇත්තේ
නර්තනය පිළිබඳ
තොරතුරු සඳහාය.
එහි පැනෙන
අධ්‍යාය 7 මෙසේය:
1. 1. ස්වර්ගතාධ්යාය
2. 2. රාගවිවේකාධ්යාය
3. 3. ප්රකීර්ණකාධ්යාය
4. 4. ප්රබන්ධාධ්යාය
5. 5. තාලාධ්යාය
6. 6. වාද්යාධ්යාය
7. 7. නර්තනාධ්යාය
ආදි වශයෙනි.
‘ගීතං
වාද්යං තථා
න්රිත්යං
ත්රයං සංගීත
මුච්‍යතේ’
- ගායනය,
වාදනය සහ
නෘත්‍ය යන
ත්රිත්වයෙහි එකතුව
සංගීතය බව
සඳහන් කරන
ලද්දේ මේ
කෘතියේදීය.
මෙහි
ඇතැම් තන්හි
‘නාට්යශාස්ත්ර’යේ
එන
ශ්ලෝක එලෙසින්ම
භාවිත වී
ඇති බැවින්,
එහි ආභාසය
ශාරංග්දේව්ට ලැබී
ඇති බව
සැලකේ. මෙම
කෘතියෙහි සියලුම
අධ්‍යාය වෙන්
වෙන් වශයෙන්
ප්රකරණවලට බෙදා
දක්වා ඇත.
මෙහි සංගීතය
යන්න දෙකොටසකි:
1.
‘මාර්ග්
සංගීත්’ - ‘භරතමුනි’
විසින් විරචිත
ශාස්ත්‍රීය ශිල්පක්රම
2.
‘දේශී
සංගීත්’ - ස්ථානීය
වශයෙන් සිදු
කරන ලද
වෙනස්කම්
ප්‍රථම අධ්‍යායය හෙවත් ස්වර්ගතාධ්යායයෙහි ශිව දෙවියන්ට ගෞරව පුද කරන ස්තෝත්රයක් මෙන්ම තම මුතුන්මිත්තන්, පැරණි සංගීත පඬිවරුන්, ප්‍රධාන දෙවිවරුන් සහ සාමවේද යුගයේ සංගීතයේ නිෂ්පත්තියට තුති පුද කර ඇති අයුරු දක්නට ලැබේ. මෙය ප්රකරණ 8කට (1. පදාර්ථ සංග්‍රහ, 2. පිණ්ඩෝත්පත්ති, 3. නාද ස්ථාන, ශෘති, ස්වර, ජාති, කුල දෛවත, ඍෂි සහ චණ්ඩෝරස, 4. ග්‍රාම, මූර්ඡනා ක්‍රම සහ තාන, 5. සාධාරණ, 6. වර්ණාලංකාර, 7. ජාති, 8. ගීත) බෙදා ඇතිමුත්, පෙර සටහන් කළ පරිදි පළමු ප්රකරණ දෙකෙහිම සංගීතය පිළිබඳ සඳහනක් සොයා ගැනීම අපහසු බව පෙනේ. තෙවන ප්‍රකරණයේ සිට සංගීතය පිළිබඳව විස්තර ඇරඹෙන අතර, එහිදීත් ශිව දෙවි සහ සරස්වතී දේවිය පිළිබඳව නිතර නිතර සඳහන් වේ.
ශාරංග්දේව්ට අනුව ගීතය සෑම තැනකම ඇත; කුඩා දරුවෙකුගේ හැඬීම, පාරිසරික සංසිද්ධි, නාඩි වැටීම සහ ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂ යන සියලුම මානව ක්‍රියාවල ගීතය අන්තර්ගත වේ.
ද්වීතීය
අධ්‍යායය ප්රකරණ
දෙකකින් යුක්තය.
එහි රාග
253ක් පිළිබඳව
පුළුල් වශයෙන්
විස්තර දක්වා
ඇත. ග්‍රාම
රාග, උප
රාග, රාග,
භාෂා රාග,
විභාෂා රාග,
අන්තර භාෂා
රාග, ජනක
රාග සහිත
පළමු ප්රකරණයත්,
රාගාංග, භාෂාංග
නිර්වචන, දේශී
රාග, ප්‍රසිද්ධ
රාග, ආක්ෂිප්තිකා
ලක්ෂණ, ෂඩ්ජ
ග්‍රාම, රාග
ලක්ෂණ සහිත
දෙවන ප්රකරණයත්
මෙහි දෙවන
අධ්‍යායයෙහි ඇතුළත්වේ.
තෘතීය අධ්‍යායය පාරිභාෂික ප්‍රයෝග විවරණයට ලියැවුණකි. වෛදික යුගයෙහි සංගීතයෙහි උපයෝගීතාව මෙහි දැක්වේ. වාග්ගේයකාර ලක්ෂණ, ගීත ගුණදෝෂ-පරිඥාන, ගායන-ගායනී ලක්ෂණ, ගායන දෝෂ, ශබ්ද ගුණදෝෂ, ගමක, ආලප්ති, රාගාලප්ති, වෘන්ද ආදිය මෙහි අන්තර්ගතය.
ගීත නිබන්ධනය හා සම්බන්ධ නීති-රීති ඇතුළත් චතුර්ථ අධ්‍යායයෙහි ගාන්ධර්ව ලක්ෂණ, ගාන ලක්ෂණ, නිබද්ධ-අනිබද්ධ ලක්ෂණ, ප්‍රබන්ධ භේද ආදිය අන්තර්ගතය.
මාර්ග තාල, ප්රකරණාඛ්ය ගීත, දේශී තාල යන ප්රකරණ තුනෙන් යුත් පංචම අධ්‍යායය, තාලාධ්යායය නම් වේ; ශාස්ත්‍රීය තාල සහ දේශී තාල 120ක් ගැන මෙහි විස්තර කෙරේ.
13වැනි සියවසයේදී සහ ඊට පෙර භාරතයේ භාවිත වූ වාද්‍ය භාණ්ඩ, වර්ග 4කට (1. තත් වාද්‍ය, 2. සුෂිර වාද්‍ය, 3. ඝන වාද්‍ය, 4. අවනද්ධ වාද්‍ය) බෙදා දැක්වෙන ෂෂ්ඨි අධ්‍යායය, වාද්යාධ්යායය නම් වේ. මෙහිදී වාද්‍ය භාණ්ඩවල භෞතික සැකැස්ම, වාදන ඉරියව් සහ වාදන විධි ආදියද දැක්වේ.
සප්තමී හෙවත් අවසාන අධ්‍යායය වන නර්තනාධ්යායයෙහි අංග භේද, හස්ත භේද, නෘත්ත හස්ත, වංශ, පාර්ශව, කටී, වරන, ස්කන්ධ, ප්‍රත්‍යංග, ග්රීව යනාදිය මෙන්ම, ශාස්ත්‍රීය හා ස්ථානීය නර්තන පිළිබඳවත්, භාව ප්රකාශනය, ඉරියව්, ශරීර භාෂාව, රස සංකල්පය ආදියද ඇතුළත් වේ. මෙම අධ්‍යායය ආරම්භයේදී එන ශ්ලෝක පැරණි ඇදුරන් සතු බව කියැවේ. නාට්‍ය ශාස්ත්‍රයෙන් හා එහි ටීකාවලින් ගොනු කරගත් තොරතුරු මෙහි ඇතුළත් වේ.
උත්තර හා දක්ෂිණ සංගීත පද්ධති දෙකටම පොදු නීති පද්ධතියක් සකස් කිරීමට වෑයම් කළ ශාරංග්දේව්, බොහෝ විට කශ්මීර් සම්ප්‍රදායට අයත් මතද මෙම කෘතියට ඇතුළත් කර ඇත. ‘අභිනව ගුප්ත’ අනුකරණය කළ අවස්ථාද සංගීත රත්නාකරයෙහි තිබෙන බව පැවසේ. ‘භින්නෂඩ්ජ’ රාගයෙන් ‘භෛරව’ රාගය බිඳී ආ සැටි පළමුවෙන් දක්වන්නේ ශාරංග්දේව්ය.
පසුකාලීන සංගීත ලේඛකයන්, ශාරංග්දේව්ගේ ශ්ලෝක බොහෝ අවස්ථාවලදී උපුටා දැක්වූ අවස්ථා ඇත. ‘සංගීත දර්පණ’ කෘතියේ බොහෝ තැන්වලදී සංගීත රත්නාකරයට ණය ගැති වූ ආකාරයක් පෙනේ. ‘කුම්භකර්ණ රඝුනාථ’ වැනි අය, ඇතැම් විට ශාරංග්දේව්ගේ මතයට විරුද්ධ කරුණු දැක්වුවද, සියුම්ව විමසීමේදී පෙනී යන්නේ, ඔවුන් පවා ශාරංග්දේව් අනුගමනය කළ බවයි.
සංගීත රත්නාකරයට ටීකා කිහිපයක් ලියැවී ඇත. ඒ අතර, ‘සිංහ භූපාල’, ‘කේශව’, ‘කල්ලිනාථ’, කුම්භකර්ණේන්ද්ර’, ‘හංස භූපාල’ සහ ‘චන්ද්‍රිකා’ යන ලේඛකයන්ගේ සකු බසින් ලියැවුණු ටීකා දක්නට ලැබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ සිංහ භූපාල විසින් විරචිත ‘සංගීත සුධාකර’ ටීකාව නමැති කෙටි පැහැදිලි විවරණය සහ ‘ප්රතාප්දේව’ රජුගේ අභිමතය පරිදි කල්ලිනාථ විසින් විරචිත ‘ස්වර මේල කලා නිධි’ නමැති ගැඹුරු ටීකාවත් ය.
සංගීත රත්නාකරය උදෘත කොට දක්වන, සංගීත සහ නාට්‍ය විෂය පිළිබඳ බ්‍රිතාන්‍ය
මහාචාර්යවරයකු වන පීටර් ෆ්ලෙචර් පවසන ආකාරයට, ‘නිබන්ධකයෙක් සෑම විටෙකම ප්‍රතිභාපූර්ණ අභිවාහකයකු විය යුතුය. නමුත් ඔහු සෑම විටෙකම තම පරිෂදය පිළිබඳව දැන සිටිය යුතුය; ඔවුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය; සියල්ලටම වඩා ඔවුන්ගේ රුචි-අරුචි පිළිබඳව මනා අවබෝධයක් තිබීමද වැදගත් වේ; එවිට සියලු දෙනාම අභිනන්දනයට පත් කළ හැකි වෙයි. ශාරංග්දේව්ගේ සංගීත විෂය පිළිබඳ අදහස් අතර ‘විරතිය’ සම්බන්ධයෙන් ‘භගවද් ගීතා’ කෘතිය ඇසුරින් උදාහරණ දක්වා තිබීම විශේෂිතය.’
මූලාශ්‍රය
(2020, 09 17). Retrieved from Wikipedia: https://en.wikipedia.org/wiki/Sangita_Ratnakara
අභයසුන්දර, විමල් (1963). සංගීත සංහිතා. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.